brand logo

පුද්ගලයන් 9ක් මැරූ ට්විටර් ඝාතකයාට මරණ දඬුවම

16 December 2020

2017 වසරේදී පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් “ට්විටර් ඝාතකයා” ලෙස නම් කරන ලද ජපානයේ පුද්ගලයෙකුට ටෝකියෝ දිසා අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. මෙලෙස මරණ දඬුවම නියම වූයේ 30 හැවිරිදි තකහිරෝ ශිරාෂි නැමැත්තෙක්ට වන අතර ඔහු සියදිවි නසාගැනීමේ අදහස් සමාජ මාධ්‍යවල පළ කළ පුද්ගලයින් 9දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබේ. නව දෙනෙකු ඝාතනය කිරීම, කැබලි කිරීම සහ කානගාවා ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ මහල් නිවාසයේ ගබඩා කිරීම යන චෝදනා යටතේ මොහු වැරදිකරු බව ටෝකියෝ දිසා අධිකරණයේ ටචිකාවා ශාඛාව විසින් තීන්දු කර තිබේ. විනිසුරුවරයා මෙම අපරාධ මාලාව හඳුන්වන ලද්දේ “අපරාධ ඉතිහාසයේ අතිශය දරුණු” අපරාධයක් ලෙසයි. 2017 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා ටෝකියෝ නුවර සිට තවත් ප්‍රාන්ත හතරක කාන්තාවන් අට දෙනෙකු සහ වයස අවුරුදු 15 ත් 26 ත් අතර පිරිමියෙකු ගෙල සිර කර මරා දමන ලදී. මරාදමන ලද කාන්තාවන් මියයාමට පෙර මොහුගේ ලිංගික අතවරයටද ලක්වූ බව වාර්තා වේ. සිය ගොදුරු වූවන්ට ට්විටර් හරහා මියයෑමට උදව් කරන බවට ඔහු පොරොන්දු වී ඇති අතර ට්විටර් හි සියදිවි නසාගැනීමේ අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුව ඔවුන්ට සමා හි පිහිටි ඔහුගේ මහල් නිවාසයට මෙම ඝාතකයා ආරාධනා කර ඇත. ටෝකියෝහි අතුරුදහන් වූ 23 හැවිරිදි කාන්තාවක් සෙවීමේදී පොලිස් නිලධාරීන් ශිරාෂිගේ මහල් නිවාසයට ගොස් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී සිරුරු කොටස් අඩංගු සිසිලන උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ පසුව ඇය ඔහුට ගොදුරු වූවන්ගෙන් එක් අයෙකු බවට පත්වීමත් සමඟ මෙම ඝාතන වැල මුල්වරට අනාවරණය වී තිබේ. වින්දිතයන් නවදෙනා ඝාතනය කිරීමට එකඟ නොවන බවත්, ඝාතනවලට වගකිව යුතු තරමට ශිරාෂි සුදුසු මානසික තත්ත්වයක බව මුලසුන හෙබවූ විනිසුරු නාඕකුනි යානෝ තීන්දු කර ඇත. විත්තියේ නීතිඥයින් තර්ක කර තිබුණේ ඔහු වැරදිකරු වූයේ මිනීමැරීමට වඩා අවමයෙන් වන චෝදනාවට එනම් කැමැත්තෙන් ඝාතනය වීම යන්නට බවත්, ඔහු යැවූ පණිවිඩ පදනම් කරගෙන ඔහුගේ ගොදුරු වූවන්ගේ අනුමැතිය ඊට ඇති බවත්ය. විත්තියෙන් ඉදිරිපත් වූ කරුණු මගින් කියා සිටියේ ශිරාෂි එක්කෝ මානසික දුබලතාවකින් මෙය කරන්නට ඇති බව වුවත් 2018 සැප්තැම්බර් මාසයේදී ඔහුගේ අධිචෝදනා පත්‍රයට පෙර මාස පහක මනෝචිකිත්සක පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ඔහු සාපරාධී ලෙස වගකිව යුතු බව නිගමනය වී ඇත. මරණ දඬුවම ලබා දුන්නද අභියාචනයක් ඉදිරිපත් නොකරන බව ශිරාෂි පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

More News..