brand logo

පුත්තලම, මන්නාරම මාර්ගයේ විලුක වැව් බැම්ම මත තිබී බෝර 12 ජීව පතුරම් 27 ක් සොයා ගැනේ

30 April 2019

පුත්තලම - මන්නාරම මාර්ගයේ පිහිටි "විලුක වැව්" බැම්ම මත තිබී බෝර 12 ජීව පතුරම් 27 ක් සොයා ගැනීමට පුත්තලම පොලීසිය සමත්වී ඇත. 29 වැනිදා සවස ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුක් මත සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ජීව පතුරම් තොගය සොයා ගෙන ඇත. කිසියම් ආගන්තුක පාර්සලයක් වැව් බැම්ම මත තිබෙන බව ප්‍රදේශවාසියෙකු විසින් පුත්තලම පොලීසියට දැණුම් දී ඇත.ඒ අනුව සිදු කරන ලද මෙහෙයුමකදී ජීව පතුරම් සහිත පාර්සලය හමුවී ඇත.බෝර 12 ගිනි අවි වලට යොදන කුරුළු මූනිස්සම් අඩංගු නො:04 ජීව පතුරම් 27 ක් එම පාර්සලයේ තිබූ බව පොලීසිය කියයි. මේ දිනවල ත්‍රිවිධ හමුදාවේද සහාය ඇතිව පුත්තලම සහ ඒ අවට මෙහෙයුම් කටයුතු දිගින් දිගටම සිදු කිරීමට පොලීසිය කටයුතු කර ඇත.එම මෙහෙයුමේදී ආරක්ෂක අංශ බාරයට පත් වේවි යන බියෙන් කිසියම් අයෙකු විසින් මෙම පතුරම් තොගය ගෙනවිත් තබන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි. පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
 

More News..