brand logo

පුත්තලම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුට කොවිඩ්

11 January 2021

පුත්තලම ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. පුත්තලම ඩිපෝවේ මන්නාරම - කොළඹ බස්රථයේ සේවය කරනු ලබන නිකවැරටිය මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත. අදාල කොන්දොස්තරවරයා පසුගිය 6 දින මන්නාරම නගරයේ දී අහඹු ජෛව පටල සාම්පල පරීක්ෂාවකට ලක්වී ඇති අතර ඒ පරීක්ෂණ වාර්තාව අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත. ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ බස් රථ රැසක් ධාවනය නවතා දමා රියදුරු හා කොන්දොස්තරවරුන් පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ආසාධිත කොන්දොස්තරවරයා පුත්තලම ඩිපෝවේ 9 දින රාත්‍රියේ පැවති සර්ව රාත්‍රික පිරිත් සජ්ඡායනයට ද සහභාගි වී ඇති අතර එදින ඩිපෝවේ මෙම කොන්දස්තරවරයා ඇසුරු කළ රියදුරන් හා කොන්දොස්තර වරුන් අද(11) උදෑසන සිට රාජකාරියට පැමිණීම නවතා ඔවුන් සේවය කළ බස් රථ 15 කට ආසන්න සංඛ්‍යාවක් මගී ප්‍රවාහනය නවතා සෞඛ්‍ය නීති රීති අනුව ස්වයං නිරෝධායනයට යොමු කළ බව පුත්තලම ඩිපෝ අධිකාරි එච්.එම් .සී.එච් .අබේසිංහ මහතා පවසයි.
 

More News..