brand logo

පුත්තලමේ පාසල් හෙට වසා දැමේ

02 December 2020

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දැමීමට තීරණය කළ බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි. මේ වන විට එම තත්ත්වය හේතුවෙන් නැගෙනහිර හා උතුරු පළාත්වල සියලු පාසල් වසා දැමීමට තීරණය කෙරිණි. “බුරවි“ සුළි කුණාටුව අද (02) පෙ.ව 11.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 140ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතී. සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළෙන් දිවයිනට අද රාත්‍රී 7.00 - 10.00 ත් අතර දිවයිනට ඇතුළු වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 

More News..