brand logo

පුත්තලමේ කොරෝනා ආසාදිතයින් 71ක්

06 November 2020

පුත්තලම දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 71දෙනෙකු මේ වන විට වාර්තා වී තිබේ. පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ එම ආසාදිතයින් 71 දෙනා මේ වන විට දිස්ත්‍රික්කයේ ඇතුලත හා පිටත ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බවයි. ආසාදිතයින් හමුවූ ප්‍රදේශ කිසිවක් මෙතෙක් හුදකලා කර නොමැති බව ඇය පවසයි. එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 1500කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය යොමු කර තිබේ.
 

More News..