brand logo

පුටුවක් ගන්න ලක්ෂ හයක් වෙන්කරපු ඇමතිවරු ඉන්න රටක් මේක - හදුන්නෙත්ති කියයි

16 February 2020

හොරකම,නාස්තිය වලක්වා රටේ ජනතාව ගෙවන බදු මුදලට සාධාරණ සේවයක් ඉටු කිරීමට ජාතික ජන බලවේගය වටා එක් රොක් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පසුගියදා දෙනියාය - වතුරාව ප්‍රදේශයේ පවතී ජන හමුවක් අමතමින් පැවසීය. අපේ රටේ මුදල් ගැටළුවක් නැහැ. මුදල් නාස්ති කිරිල්ල හොරකම් කිරිල්ල නතර කරන්න පුලුවන්නම් මේ රට හදන්න පුළුවන්.හිටපු ආණ්ඩුවේ ඇමතිවරු රථ මේනියාව හොඳ කරගන්න කෝටි දෙසීය හැත්තෑ අටක් වාහන ගන්න වියදම් කරලා තියෙනවා. කළින් ආණ්ඩුවේ ඇමතිවරයා පාවිච්චි කරපු වාහනය අලුත් ආණ්ඩුවේ ඇමතිවරයාට පාවිච්චි කරන්න බෑ.ඒක නිකන් මදිකමක් වගේ. ගිය ආණ්ඩුවේ ඇමති පාවිච්චි කරපු වාහනය කෝටි තුනක් නම් අලුත් ආණ්ඩුවේ ඇමතිට ඕන කෝටි හතරක එකක්.කළින් ආණ්ඩුවේ ඇමතියි මේ ආණ්ඩුවේ ඇමතියි දිගටම පාවිච්චි කලානම් ඔය කෝටි දෙසීය හැත්තෑ අටෙන් ලක්ෂ පහ ගානේ වෙන්කරපුවාම ග්‍රාමීය කුඩා පාලම් පාලම් පන්දාස් පන්සීය හැටක් හදන්න පුළුවන්. කළින් ආණ්ඩුවේ ඇමති පස්ස තියපු සීට් එකට අලුත් ආණ්ඩුවේ ඇමති පස්ස තියන්න ලැජ්ජයි.රථ මේනියාව තියෙන ඇමතිවරු එහෙමයි. නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ඇහුව ප්‍රශ්නයක්..අවුරුදු පහ ඇතුලත යහපාලන ආණ්ඩුවෙන් ගත්ත වාහන මොනවද කියලා. ජොන්ස්ටන් ඇමතිතුමා උජාරුවෙන් ඒ ලැයිස්තුව කියෙව්වා.දැන් ඒ වාහන කෝ? ඒ කළින් ආණ්ඩුවේ ඇමතිවරු පාවිච්චි කරපු වාහන වලට මොකද වුනේ? ඔය කෝටි හතරේ පහේ වාහන සාමාන්‍යයෙන් අවුරුදු විස්සක් විතර පාවිච්චි කරන්න පුළුවන්.ඒ වාහන වලට මොකද උනේ කියලා අහන්න අපි දැන් සී.අයි.ඩී එකට ගිහිල්ලා තියෙනවා.එක්කෝ ඇමති ගෙදර අරගෙන ගිහිල්ලා හෝ අමාත්‍යාශයේ තියෙන්න ඕන. දැන් අහන්න ඕන අලුත්ම ප්‍රශ්නය අලුත් ඇමතිලා අලුත් වාහන ඕඩර් කරලා තියෙනවද කියලා.. මොකක්ද මේ ලෙඩේ?පුටු මේනියාව රථ මේනියාව මේ රටේ ඇමතිවරුන්ට වැළඳෙන රෝගයක්.රටේ ජනතාව මේ වගේ අය ප්‍රතික්ෂේප කරන්න ඕන.ප්‍රතික්ෂේප නොකරන තාක්කල් මේ ගොල්ලෝ මේක දිගින් දිගටම කරගෙන යනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව දක්වලා තියෙනවා මහජන මුදල් නාස්තිය අවම කරන්න කටයුතු කරනවා කියලා.ජනතාව ගෙවන බදු මුදලට සාධාරණ සේවයක් ඉටු කරන්න ජාතික ජනබලවේගය වටා එක්රොක් වෙන්න.   රනිල් ප්‍රියංක ගමගේ
 

More News..