brand logo

පුජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු 09වනදා දක්වා රිමාන්ඩ්

03 July 2019

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් මෙම මස 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඊයේ (02) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ජාතික රෝහලට සහ නාරාහේන්පිට පොලිස් රෝහලට පැමිණ හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීම අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණීම සම්බන්ධයෙන් මෙලෙස ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේය.
 

More News..