brand logo

පුජිත් හා හේමසිරි යළි අත්අඩංගුවට ගැනීමට මහාධිකරණයෙන් නියෝග

09 October 2019

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කිරීම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය මීට සුළු මොහොතකට පෙර තීරණය කර ඇත. මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය නිශ්ප්‍රභ කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළ අතර පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
 

More News..