brand logo

පුජිත් සහ හේමසිරි ලබන 17 තෙක් යළි රිමාන්ඩ්

03 December 2019

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල විය. ඒ , සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 17 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.
 

More News..