brand logo

පුජිත්ට හා හේමසිරිට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රයක්

18 July 2019

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රයක් ගොනුකර ඇත. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව සඳහන් කරමින් මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය අද ගොනුකර ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැණුනු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඇප මත මුදා හරිනු ලැබුවේ පසුගිය 9 වනදාය.
 

More News..