brand logo

පූජාපිටියේ සංචරණ සීමා දමයි

03 January 2021

    පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බමුණුපොල ග්‍රාම නිළධාරි වසමේ කොස්කොටේ ජනපදයෙන් ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. මෙලෙස හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 31ක් . මේ නිසා එම ජනපදයට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය එක්ව කටයුතු කර ඇත. පසුගිය පළමුවන දා  PCR පරීක්ෂණ සිදුකර ඇති අතර අද (03) එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව ආසාදිතයන් පිරිස හඳුනාගෙන තිබේ. එම ගම්මානයෙන් වයිරසය පිට ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහා මෙලස කොස්කොටේ ජනපදයට සංචරණ සීමා යොදා තිබෙනවා.
 

More News..