brand logo

පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම මින්පසු තහනම්

19 February 2021

    මඩොල්සිම රෝබේරිය පුංචි ලෝකාන්ත භූමියේ කූඩාරම් ඉදිකිරීම සංචාරකයින්ට තාවකාලිකව තහනම් කර තිබේ. මේ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා සඳහන් කරනවා. එහි පවතින අනාරක්ෂිත බව සහ පසුගිය දිනක පුංචි ලෝකාන්තයේ රාත්‍රී කාලයේ කූඩාරම් ඉදිකර එහි විනෝදවෙමින් සිටි පිරිස අතුරින් පුද්ගලයකු ප්‍රපාතයට ඇදවැටී ජීවිතක්ෂයට පත්වීමත් නිසා මෙම තීරණය ගෙන තිබේ. තවද දේශීය විදේශීය සංචාරකයින් නිතර ලෝකාන්තයට පැමිණ කූඩාරම් ඉදිකරමින් රැය පහන් කරන බැවින් සිදුවන අනතුරු මෙන්ම පාරිසරිකව ද හානි සිදුව ඇත. මේ නිසා ලෝකාන්තය නැරඹීම සදහා වීදුරු සහිත නැරඹුම් මැදිරි හා ආරක්ෂිත වැටක් සවිකර සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරන තෙක් රාත්‍රී කූඩාරම් ඉදිකර විනෝද වන සංචාරකයින්ට ප්‍රාදේශීය සභාව මගින් තාවකාලික තහනමක් පනවා ඇත.
 

More News..