brand logo

පුංචි ලෝකාන්තයේදි පුද්ගලයෙක් අතුරුදහන්

07 February 2021

  මඩොල්සිම පුංචි ලෝකාන්තයේ සංචාරයේ නිරත පුද්ගලයකු අතුරුදහන් වී ඇති බව මඩොල්සිම පොලිසිය සඳහන් කර තිබේ. පුද්ගලයන් 12 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් කඳවුරුබැඳ සංචරයේ නිරත වීමට පැමිණ ඇති අතර මහ වැස්ස හා දැඩි මීදුම නිසා යලි ඔවුන් පැමිණි වාහනයට ගමන්කර ඇති බවත්, එසේ සිටියදී එක් අයෙකු අතුරුදන්වි ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත. ඊයෙ (6) රාත්‍රීයේ එම පුද්ගලයා අතුරුදහන් වී ඇති බව පැවසෙනවා. මේ ලෙස අතුරු දහනව ඇත්තේ මුංහේන මග්ගොන කලුතර පදිංචි' මාධ්‍ය ආයතනයක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් බවද සඳහන් වනවා. එම අතුරුදහන් වූ පුද්ගලයා සෙවීම සඳහා මඩොල්සිම , බිබිල සහ ලුනුගල පොලිසි ඒකාබද්ධ සෝදිසි මෙහෙයමුක් ක්‍රියාමත් කර ඇති අතර යුද හමුදාව ද කැඳවා ඇත.
 

More News..