brand logo

පුංචි ලෝකාන්තයෙන් වැටුණු සජීවිකරණ ශිල්පියාගේ සිරුර හමුවෙයි

09 February 2021

  මඩොල්සිම පුංචි ලෝකාන්තයෙන් ප්‍රපාතයට වැටී අතුරුදන් වූ බව කියන පුද්ගලයාගේ සිරුර දින තුනක මෙහෙයුමකින් පසු අද (9) දින සොයාගෙන තිබේ. යුද හමුදා විශේෂ කාර්ය බළකා නිළධාරීන් කඹ ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළට බැස සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පසු සිරුර හමුවු බව පොලිසිය සඳහන් කරනවා. ලෝකාන්තයේ ඉහල සිට මීටර් 1500ක් පහළින් තිබෙන දොරපොද රඹුක ප්‍රදේශයේ ගල් තලාවක් මත තිබී සිරුර සොයාගෙන ඇත. මෙලෙස මියගිය පුද්ගලයා මග්ගොන ප්‍රදේශයේ පදිංචි' මාධ්‍ය ආයතනයක ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියකු ලෙස කටයුතු කරන ඩී.දිනුර විජේසුන්දර නැමති 34 හැවිරිදි අයෙක්.
 

More News..