brand logo

පුංචි තිරයේ කේන්තිකාරයා සිනමාවට - චමීර ලියනගේ

21 December 2019

උලලේනි චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ හේමන්ත අයියට, මොකද හේමන්ත අයියා තමා මට කතා කළේ මෙහෙම වැඩක් තියෙනවා කියලා. ඉතින් මේ වෙද්දී ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, ඒ වගේම කියන්න ඕනේ ලස්සන වැඩක් එක එල්ලේ බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටයක්, ඉස්සරහට තව ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ කියලත් කියමු? හේමන්ත අයියාව මම දන්නේ අවුරුදු 8කට විතර කලින්, මොකද මම මේ ක්ෂේත්‍රයට ආව මුල් කාලේ මට දුන්නා පෝය නාට්‍යයක්. ඉතින් එතැනදී හිතන්න ඇති, මෙයාට හැකියාවක් තියෙනවා වැඩක් ගන්න ඕනේ කියලා. කොහොම හරි මට පසුකලෙක කිව්වා මෙහෙම වැඩක් තියෙනවා කරමු කියලා, එහෙම තමා මේ උලලේනි මට ලැබෙන්නේ. මේ දවස්වල මොනවද වැඩ කටයුතු? "රන්තිලි වැව" චනික පෙරේරාගේ නාට්‍යයයේ රූගත කිරීම් කරගෙන යනවා. ඒ වගේම රාවණා 2 හි වැඩ ඉදිරියට තියෙනවා. ඊට අමතරව මේ දිනවල විකාශය වන සඳුන් රාජකරුණාගේ තෝඩු නාට්‍යයයේ, ධනුෂ්ක රත්නායකගේ හේලි සහ සමීර හසුන් ගේ ක්වීන් නාට්‍යයයේ රූ ගත කිරීම් කරගෙන යනවා. පුංචි තිරයේ ලැබෙන්නේ ඔක්කොම නපුරු චරිත නේද? මෙහෙමයි, චරිත එකිනෙකට වෙනස්, මම මෙහෙම පැහැදිලි කරන්නම් කෝ දැන් තෝඩු ඒකෙ මම කරන්නේ අයියා කෙනෙක්ගේ චරිතයක්, ක්වීන් නාට්‍යය ගත්තම මම අධ්‍යක්ෂවරයෙක්, එතකොට රාවණා එකේ මුනිවරයෙක්, ඒ වගේම හේලි නාට්‍යයේ මැරවරයෙක්. එතකොට අලුතින්ම එන්න තියෙන "රන්තිලි වැව" නාට්‍යයේ මම රෙදි අපුල්ලන කෙනෙක්ගේ චරිතයක්, එහෙම ගත්තම මේ චරිත 5 එකිනෙකට වෙනස් චරිත 5ක්. ඉතින් මේ චරිත 5 වෙනස් විදියට කරන එක තියෙන්නේ මගේ අතේ, මම උපරිම උත්සාහයක් ගන්නවා එකිනෙකට වෙනස්ව මේ චරිත කරන්න. නමුත් අර කිව්වා වගේ මගේ මූණට ලැබෙන්නේ ටිකක් නපුරු සැර චරිත. ඒ නිසා මම බලනවා එකිනෙකට වෙනස්ව ඒ චරිත කරන්න. චරිතවලින් බැහැරව සැබෑ ජීවිතෙත් නපුරු කෙනෙක්ද? එහෙම නැහැ. තරහ යන වෙලාවට තරහා යනවා. හැබැයි ඉතින් තමන්ගේ පාඩුවේ ඔහේ ජීවත්වෙන මනුස්සයෙක්. දැන් කොච්චර කාලයක්ද මේ ක්ෂේත්‍රයට ඇවිත්? දැන් අවුරුදු 10ක් වෙනවා. බොහොම හෙමින් ආව ගමනක් මේ ගමන, අතුරු චරිත බොහොමයක් කරලා ආපු ගමනක්. මේ ඇවිත් ඉන්නෙත් සියයට 10ක් වගේ දුරක්, තව සියයට 90ක් විතර යන්න තියෙනවා. මොකද හිතෙන්නේ දැන් ඉන්න තැන ගැන? සතුටුයි, ගොඩක් දුක් විඳලා කට්ටක් කාලා ආව ගමනක් මේක. මම අපෙන් පස්සේ එන පරපුරටත් කියන්නේ මේ ගමන පුළුවන් තරම් දුක් විඳලා හරි හැම දේම මහන්සිවෙලා ඉගෙන ගෙන එන්න. නැත්නම් අද එනවා හෙට යනවා වගේ වෙන්නෙ. මම වුණත් අනෝජා වීරසිංහ මිස්ගෙන් එතකොට මහේන්ද්‍ර පෙරේරා සර්ගේ වැඩමුළුවලට ගිහින් ඉගෙනගත් දේ බොහෝයි. ඒ වගේ මම අහුවෙන හොඳයි කියලා හිතෙන හැම වැඩමුළුවකටම වගේ ගියා. ඒ හැම එකකින්ම ගන්න පුළුවන් හැමදේම ගන්නවා. මොකද හැමදාම එකම ටික රඟපාන්න බැහැනේ. දැනට නොකළ කරන්න ආස චරිතයක් තියෙනවාද? හමුදා සෙබළෙක්ගේ චරිතයක් කරන්න ආසයි, එක සැරයක් එහෙම චරිතයක් ලැබිලා දින සහ ඒ චරිතයේ හැටියට කොණ්ඩේ කොටට කපන්න වෙන එක අනෙක් චරිත හා ගැටලුවක් වන නිසා අතහරින්න සිද්ධ වුණා. සිනමාවෙන් තව ආරාධනා ලැබුණද? හේමන්ත අයියම කිව්වා තව වැඩක් තියෙනවා කියලා, බලමු ඉතින්, කොහොමත් මේ සිනමාවට අඩිය තිබ්බා විතරයිනේ, ඉස්සරහට බලන්න ලොකු ලොකු දේවල් සිද්ධ වෙයි. වේදිකාවට ආරාධනා ලැබුණේ නැද්ද? නැහැ. ඇත්තටම මම අසාවෙන් ඉන්නවා වේදිකාවේ අත්දැකීම සහ ඒ පන්නරය ලබන්න, මොකද වේදිකාව පුංචි තිරය සහ සිනමාව කියන මේ සියල්ල ග්‍රහණය කර ගන්න පුළුවන් නම් ඒක ලොකු වාසනාවක්. මට ආරධනාවක් ලැබුණොත් මම අනිවාර් යෙන්ම භාරගන්නවා. කොහොම හරි ඉදිරියේදී වේදිකා නාට්‍යයක රඟපාන එක රඟපානවාමයි. චමීර පුංචි තිරයේ බොහෝ සෙයින් ජනප්‍රියයි, මේ වෙද්දී සැබෑ ජීවිතේ පෙම්වතෙක්ද? නැහැ. මොන වගේ කෙනෙක්ද හොයන්නේ? ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද? එහෙම නැහැ. මම ආදරය කරලා තියෙනවා, මේ මගේ යන ගමනත් එක්ක සමහර වෙලාවට ආදරය බාධාවක් විදියට දකින්නේ. හිත නිදහස් කරගෙන මේ ගමන ගිහින් ස්ථාවර වුණාට පස්සේ ආදරය විවාහය ගැන හිතන එක හොඳයි කියලා මම හිතන්නේ. මේ වෙද්දී වෘත්තීය රංගන ශිල්පියෙක්ද? ඔව්, මේක තමා මගේ ජීවිතය. මගේ මේ ජීවිතයට මම ආදරෙයි. චමීරට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොකක්ද? මට ආදරය කරන ඒ ප්‍රේක්ෂකයන්ටත් මම ආදරෙයි. ඉතින් මට ආදරය කරන හැමෝටම කියන්නේ උලලේනි චිත්‍රපටය බලන්න, මොකද ප්‍රේක්ෂකයා අතේ තමා මේ නළුවා කියන භූමිකාව රැඳෙන්නේ, ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගත්තොත් තමා ඒ නළුවට ලොකු දුරක් යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉතින් මගේ නිර්මාණ එක්කත් දිගටම ඉන්න කියලත් ආරාධනා කරනවා. අනුෂා රණසිංහ
 

More News..