brand logo

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා කෝටි 82ක් වැය කරලා

28 June 2020

කොවිඩ් 19 වෛරසය පැතිර යාමත් සමග ආරම්භ වූ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි 82කට අධික මුදලක් වැය කර ඇති බව ඇස්තමේන්තු කර තිබේ. පසුගිය සිකුරාදා (26වැනිදා) වන විට පී.සී.ආර්. පරීක්ෂණ එක්ලක්ෂ තුන්දහසක් සිදු කර තිබුණි. එක් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කර ඇති මුදල රුපියල් 8000ක් වෙයි. මේ වන විට මධ්‍යස්ථාන 20ක පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරයි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඇති බව වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවෙන් මේ වන විට සොයාගෙන ඇති කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 2000 ඉක්මවයි. උදයජීව ඒකනායක
 

More News..