brand logo

පීබී ට සහ කබ්රාල් ට එරෙහිව පෙත්සමක්

20 April 2021

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට නීතිපති වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. නුගේගොඩ, නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පෙත්සම ගොනුකර ඇත. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකු අධිපතිවරයා, පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් එහි වගඋත්තර කරුවන් ලෙස නම්කර තිබේ.
 

More News..