brand logo

පිළිස්සී මියගිය තල්මසෙකුගේ සිරුරක් වෙරළට ගොඩගසයි

20 June 2021

මන්නාරම, මුසලි කරඩිකුලි වෙරළ තීරයට පිළිස්සුම් තුවාල සහිතව මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබේ. ධීවරයින් පැවසූවේ ඊයේ (19) අඩි 12කට ආසන්න දිගකින් යුතු තල්මසෙකුගේ මළ සිරුරක් එලෙස ගොඩගසා තිබූ බවය. මේ අතර මන්නාරම සිලාවතුර, මුසලි, වංකාලෙයි හා අරිප්පු වෙරළ තීරයන්ට මියගිය කැස්බෑවන්ගේ සිරුරු කිහිපයක් ගොඩගසා තිබූ බව වාර්තා වෙයි. කොළඹ වරාය ආශ්‍රිතව ඇතිවූ නෞකාවේ ගින්නේ බලපෑමෙන් එම සතුන් මියගිය බවට ධීවරයින් සැක පළකරයි.
 

More News..