brand logo

පිළියන්දල මාළු වෙළෙන්දා ඇසුරු කළ තරුණයෙකු සහ ඔහුගේ මව හෝමගම රෝහලට

23 April 2020

පිළියන්දලින් හදුනා ගත් කොරෝනා ආසාදිත මාලු වෙළෙන්දා ඇසුරු කළ තරුණයෙකු සහ ඔහුගේ මව හෝමාගම මුලික රෝහලට ඇතුලත් කර තිඛේ. අදාල තරුණයා කොරෝනා ආසාදනය වු බවට හදුනාගත් මාලු වෙළෙන්දා සමග කොස් ගෙඩියක් රැගෙන යතුරු පැදියකින් ඇති බව එම මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් සොයාගෙන ඇත. අදාල තරුණයාගේ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු වසන් කර ඇති අතර ඔහුගේ මවට රෝග ලක්ෂණ පහළ වී තිබුණු අයුරු නිරීක්ෂණය වී තිඛේ. එමෙන්ම අදාල තරුණයාගේ පියා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවක සේවකයෙක බවත් ඔහු දින කිහිපයක් සේවයට ගොස් ඇති බවත් අනාවරණ වී ඇත.
 

More News..