brand logo

පිළිකා රෝහලේ 28 වාට්ටුවෙන් කොරෝනා රෝගියෙක් හමුවේ

07 November 2020

මහරගම අපේකෂා රෝහලේ නාරිවේද පිළිකා වාට්ටුවට (28 වාට්ටුවට) ඇතුළත් කළ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම කාන්තාව කොටහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බැවින් සැකය මත PCR පරීක්ෂණයක සිදු කර ඇත. ඊයේ(06) රාත්‍රියේ එහි ප්‍රතිඵල ලැබී ඇති අතර එහිදී කාන්තාවට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත. ඊයේ රාත්‍රියේම අදාල කාන්තාව හෝමාගම රෝහලට යොමුකර ඇති අතර ඇගේ ආශ්‍රිතයින් වූ අපේක්ෂා රෝහලේ හෙදියන් තිදෙනකු හා රෝහල් සුලු සේවකයකු PCR පරීක්ෂණ කිරීම සඳහා මේ වනවිට වාට්ටුවේ කොනක ඇති කාමරයක රඳවා ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
 

More News..