brand logo

පිළිකා රෝගීන්ට වසර 3කට පෙර ගෙනා ලක්ෂ හත්දහසක උපකරණ ගබඩාවල

13 January 2019

පිළිකා රෝගීන් සඳහා අධික ශක්ති විකිරණ ප්‍රතිකාර ලබා දීමට මීට වසර දෙකට ඉහත ප්‍රධාන රෝහල් තුනකටම රුපියල් ලක්ෂ හත්දහස් දෙසිය පනස් පහක් (7255) වැයකර සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති ලීනිසර් ඇක්සලරේටර් උපකරණ මෙතෙක් සවිකර නොමැති බව ‘අරුණ’ කළ ගවේෂණයේදී හෙළිකර ගත හැකි විය. රුපියල් ලක්ෂ 242105008ක් වැය කර 2016 මැයි 02 දින ද, රුපියල් 239223501ක් වැයකර 2016 මාර්තු මාසයේ මඩකළපුව රෝහලටත්, රුපියල් 244204446ක් වැය කර 2016 ජනවාරි 06 දින යාපනයේ මහ රෝහලටත් ලීනියර් ඇත්සලරේටර් උපකරණ ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් ‘අරුණ’ කළ විමසුමකදී ඒ මහතා පැවැසුවේ යන්ත්‍රය මේ දිනවල සමි කරමින් පවතින බවයි. මඩකළපුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කේ, මෝහන කුමාර මහතාගෙන් ‘අරුණ’ කළ විමසුමකදී ඒ මහතා සඳහන් කළේ ලීනිස් ඇක්සලරේටර් උපකරණය සවිකර නොමැති බවත් එය ක්‍රියාත්මක කරන ශිල්පියා මාස තුනක පුහුණුවක් සඳහා මහරගම අපේක්ෂා රෝහලට යොමුකර ඇති බවයි. යාපනයේ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. සත්‍යමූර්ති මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවැසුවේ තිලිප්පලේ ඇති විශේෂ පිළිකා ඒකකයේ එම යන්ත්‍රය සවි කිරීමට කටයුතු කරමින් සිටින බවයි. චමින්ද සේනාරත්න
 

More News..