brand logo

පිළිකා රෝගියකුට ඩොලර් මිලියන 289ක් ගෙවීමට මොන්සැන්ටෝ සමාගමට අධිකරණ නියෝගයක්

11 August 2018

ග්ලයිෆොසේට් නිසා තමාට පිළිකාවක් සෑදුණු බවට චෝදනා කරමින් මොන්සැන්ටෝ සමාගමට එරෙහිව අධිකරණය හමුවට ගිය පුද්ගලයකුට ඩොලර් මිලියන 289ක් ගෙවන ලෙස කැලිෆෝනියා අධිකරණය එම සමාගමට නියෝග කර ඇත. ‘රවුන්ඞ්අප්’ සහ ‘රේන්ජර්ප්‍රෝ’ වල්නාශක අනතුරුදායක බව මොන්සැන්ටෝ සමාගම දැන සිටි නමුත් එ් පිළිබඳව පාරිභෝගිකයින්ට දැනුම්දීමට ඔවුන් අසමත්වී ඇතැයි ජූරි සභාව තීරණය කර ඇත. ජොන්සන්ට පිළිකාවක් ඇතැයි 2014 වසරේදී හඳුනාගෙන ඇති අතර ඔහුගේ නීතිඥයින් පවසා ඇත්තේ ඔහු නිතිපතා ග්ලයිෆොසේට් අඩංගු ‘රේන්ජර්ප්‍රො’ භාවිත කර ඇති බවයි. මොන්සැන්ටෝ සමාගමට එරෙහිව අධිකරණයට ගිය තවත් පැමිණිලිකරුවන් 5000ක් පමණ ඇමරිකාවේ සිටින බවත් මෙම තීන්දුව තවත් එබඳු තීන්දු සිය ගණනකට පාර කපනු ඇති බවත් විදෙස් ආරංචි මාර්ග පවසයි.
 

More News..