brand logo

පිළිකාකාරක පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනයට

07 May 2021

රටට රැගෙනවිත් තිබූ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් අඩංගු බහලුම් අද (07) දිනයේ මැලේසියාවට ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව තිබේ. අදාළ පොල් තෙල් බහාලුම් තොගය රැගෙන යෑමට පැමිණෙන නෞකාව අද පස්වරුවේ කොළඹ වරායට පැමිණීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා පවසයි. විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් මෙට්‍රික්ටොන් 105ක් මීට පෙර ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගෙන තිබූ අතර තවත් පොල් තෙල් බහාලුම් 12ක් අද දිනයේ ප්‍රතිඅපනයනය කිරීම සිදුවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා මහතා සඳහන් කළේය.
 

More News..