brand logo

පිහි ඇනුමකින් ලාංකිකයින් 5ක් මරුට

05 October 2020

පවුල් ආරවුලක් හේතුවෙන් සිදුකළ පිහිඇනුමක් හේතුවෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කුඩා දරුවන් සිවුදෙනකු ඇතුළු පස්දෙනෙකු ප්‍රංශයේදී මියගොස් ඇත. නිව්ස්වීක් (News week) පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට මෙහිදී අදාළ පවුලේ තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර සිදුවීම වාර්තා වන්නේ ඊසානදිග පැරීසියේ නොයිසි ලේ සේක් (Noisy -le- Sec) ප්‍රදේශයේදීය. මෙම ඝාතනයන් සිදුවී ඇත්තේ පසුගිය සෙනසුරාදා (3 වැනිදා) උදෑසනය. පිහි ඇනුමින් තුවාල ලැබූ දරුවකු අසල පිහිටි අවන්හලකට දිවගොස් තම මාමා ‘පිස්සු වැටී’ ඇති බවත් ඔහු තමාට සහ පවුලේ අයට ’පිහියකින් සහ මිටියකින්’ පහර දුන් බවත් පවසා ඇත. ඒ අනුව අදාළ ස්ථානයට පොලිසිය යන විටත් පුද්ගලයන් රැසක් තුවාල ලබා සිට ඇති අතර ඔවුන්ගේ පස්දෙනකු ඒවන විටත් අසාද්‍ය තත්ත්වයේ පසුව තිබේ. පිහිඇනුම සහ පහරදීම සිදුකළ පුද්ගලයාද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයකු ලෙස පොලිසිය විසින් හඳුනාගෙන ඇත. එම සැකකරුද තුවාල සහිතව වැටී සිට ඇති අතර ඔහුව මධ්‍යම පැරීසියේ රෝහලකට ඇතුළත් කර ඇත. රෝහල්ගත කිරීමෙන් අනතුරුව බරපතළ ලෙස තුවාල ලැබූ පස්දෙනා මියගොස් ඇති අතර පොලිසිය විසින් මෙතෙක් අදාළ ශ්‍රී ලාංකික පවුලේ අනන්‍යතාව හෙළිකර නොමැත. නයන තරංග ගමගේ
 

More News..