brand logo

පිහි ඇනුමකින් දෙදරු පියෙකු මරුට

07 July 2020

දෙදෙනෙකු අතර ඇති වූ  ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් අයෙකු විසින් අනෙකාට පිහියෙන් ඇනීම නිසා බරපතළ තුවාල ලැබූ දෙදරු පියෙක් මිය ගොස්  ඇතැයි හොරණ පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ හොරණ කනන්විල .අංක 321 /  3 ලිපිනය පදිංචි රෝහණජිත් නයනජිත් රණසිංහ නම් වූ 47 හැවිරිදි දෙදරු පියෙකි .   මියගිය පුද්ගලයා ඊයේ රාත්‍රී 10 ට  පමණ තම නිවෙස ඉදිරිපිට නිවැසියන් සමග කතා කරමින් සිටිය දී, සිටියදී එකවරම ස්කූටර් කින් පැමිණි ඔහුගේ මිතුරා අසභ්‍ය වචනයකින්  ඔහුට බැණ වැදී අතර ඉන් අනතුරුව දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී ඇත .අනතුරුව මිතුරා විසින් ඔහු සතුව තිබූ පිහිය කින්     මියගිය පුද්ගලයාගේ  පපු ප්‍රදේශයට ඇන එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියයි .                                                          අනතුරුව බරපතල තුවාල ලැබූ තුවාලකරු ව එම මොහොතේම හොරණ මූලික රෝහලට ඇතුළත්  කිරීමට පවුලේ පිරිස  කටයුතු කලත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව හොරණ රෝහල ආරංචි මාර්ග කියයි . මෙම දෙදෙනාම හොරණ අරමනාගොල්ල  ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරත  දිගු කාලයක සිට හොඳ මිතුරන් දෙදෙනෙකු බවත්, ඊයේ සවස ඔවුන් දෙදෙනා ම යම් ස්ථානයක දී මත්පැන් පානය කර ඇති බවත් , සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන හොරණ පොලිසිය පවසයි .           සැකකාර පුද්ගලයා කනන්විල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර මේ වන විට ඔහුව හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. .  සිද්ධිය වූ ස්ථානයට පැමිණි හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ  වැඩබලන මහේස්ත්‍රාත් චන්දන  විජේසූරිය  මහතා ස්ථාන පරීක්ෂාව සිදු කර ,වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුව අත්අඩංගුවට ගෙන හොරණ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කරන ලදී  .
.  හොරණ  මූලස්ථාන පොලිස්  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක  රාජකරුණා මහතා,පොලිස් පරීක්ෂක ඩී .දයානන්ද මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර  පරීක්ෂණ කටයුතු සිදු කරති
අඟුරුවාතොට    -මංගල එදිරිසිංහ
 

More News..