brand logo

පිහියෙන් ඇන ඝාතනයක් සිදුකළ පුද්ගලයෙකුට මරණ දඬුවම

28 November 2019

ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට විසින් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අද (28) මරණිය දණ්ඩනය නියම කරන ලදී. කොළඹ, රත්මලාන ප්‍රදේශයේ පදිංචි සුසන්ත ප්‍රියදර්ශන නැමැත්තෙකුට මෙසේ දඬුවම් නියම විය. 2003 වසරේ ජුලි මස 10 වනදා රත්මලාන, දුම්රිය පොල මාර්ගයේදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් හේවාවිතාරණලාගේ සරත් නැමැති තරුණයකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දු ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බව සඳහන් කළේය. ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා තීන්දු කළේය. (අධිකරණ වාර්තාකරු )
 

More News..