brand logo

පිසූ මාළුවලින් කො​රෝනා බෝ වෙන්නේ නෑ

26 October 2020

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වයිරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් පවසයි. ඒ අනුව මත්ස්‍ය පරිභෝජනය සහ මත්ස්‍ය වෙළෙඳාම් කටයුතු සම්බන්ධයෙන් පැතිරයන කටකතාවලට නොරැවටෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ජනතාවට අවධාරණය කරයි. අධ්‍යක්ෂවරයා පවසන පරිදි කොරෝනා වයිරසය ඕනෑම පෘෂ්ටයක රැඳී තිබිය හැකිය යන සෛද්ධාන්තික පදනම මත මාළු පිසීම හෝ ගබඩාකිරීම සඳහා සකස් කරන අතරතුර මුහුණ ඇල්ලීමෙන් වැළකිය යුතුය. ඉන්පසුව ඒ සඳහා භාවිත කළ උපකරණ සහ දෑත් හොඳින් සබන් යොදා සෝදා ගත යුතුය. තවද මාළු වෙළෙඳාම් කරන ස්ථාන වසා දැමීමට අවශ්‍යතාවයක් නොමැති බවද ලබාදී ඇති සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් සේදීම සහ නිසි පරිදි මුහුණු ආවරණ පැලඳීම වැනි මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් ඒවා පවත්වාගෙන යාහැකි බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..