brand logo

පිලිම කන්ටේනරෙන් බීඩි ගෙනා හතරක් අත්අඩංගුවට

05 March 2020

නිති විරෝධීව මෙරටට රැගෙන ආ පිලිම සහිත කන්ටේනරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් ඊයේ(04) අත්අඩංගුවට ගෙන තිබේ. එම කන්ටේනරය තුල පිලිම අතර සගවා තිබී බීඩි කිලෝ 350කට අධික ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකි වී තිබේ. විමර්ශන වලදී තිරු බදු ගෙවීම පැහැර හැරීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ඇති බව හෙලි වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාද ඒකකය විසින් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් පරීක්ෂක ආර්.ඒ.කේ. දිසානායක විසින් අත්අඩංගුවට ගත් කන්ටේනරය සහ සැකකරුවන් ඉදිරි විමර්ශන සදහා රේගු මත්ද්‍රව්‍ය ඒකකය වෙත බාර දී ඇත.   හේමන්ත ලියනපතිරණ  
 

More News..