brand logo

පිලිපීන කතකගේ හොර සන්නිවේදන මධ්‍යස්ථාන දෙකක් කඩුවෙලින් කොටුවේ

26 June 2019

පිලිපීන ජාතික කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය ජාත්‍යන්තර මාෆියා කන්ඩායම්වලට අයත් හොර සන්නිවේදන මධ්‍යස්ථාන දෙකක් කඩුවෙල කොරතොට ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අද (26) සොයාගෙන ඇත. විදසේ රටවලින් එන දුරකථන ඇමතුම් කෝල් බයිපාස් ක්‍රමය ඔස්සේ මෙරට සන්නිවේදන මධ්‍යස්ථාන වලට හොරෙන් අන්තර්ජාලය හරහා දේශීය දුරකථන ඇමතුම් ලෙසින් විදේශිකයන්ට ලබාදෙන බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නි‌යෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා ඇතුළු කණ්ඩායමක් යොදවා මෙම වැටලීම කර ඇත. පිලිපීන ජාතික කාන්තාව සමග ඇගේ ශ්‍රී ලාංකික සැමිය හා තවත් ජාවාරම්කරුවකු සමග කොරතොට හා කඩුවෙල පිහිටි සන්නිවේදන මධ්‍යස්ථානයේ තිබූ උපාංග රැසක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් උපාංග අතර සිම් බොක්ස් 12ක්, සිම් කඩාපත් දෙදහසක්, පරිගණක දෙකක්, රවුටර්ස් දහයක් ඇතුළු දේ වන බව පරීක්ෂණ කණ්ඩායම් කියයි. ජාත්‍යන්තර මාෆියා කණ්ඩායම් සමග එක්ව කරන මෙම ජාවාරමෙන් මෙරට දුරකථන සමාගම් වෙතින් රජයට අයවන විශාල විනිමය ප්‍රමාණයක් විදෙස් රටවලට ගලායන බවත්, මෙය ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බව විමර්ශන කණ්ඩායම් කියයි. මැදපෙරදිග, පිලිපීන ඇතුළු රටවල් වෙතින් එන දුරකථන මෙහිදී දේශීය ඇමතුම් බවට පර්වර්තනය කර ඇති බවත්, මීට පෙර මෙහෙයුමකදීත් මෙවැනිම චීන තිප්පොලක් හමුවූ බවත් එම නිලධාරීහු පෙන්වා දෙති. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..