brand logo

පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පියවර රැසක් ගන්නවා - ජනපති

18 January 2019

තම රාජ්‍ය සංචාරයත් සමග නව ප‍්‍රවේශයක් ලැබුණු පිලිපීන, ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ගැටලූ විසදමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් (ඍදාරසටද ෘමඑැරඑැ* මැතිතුමාගේ විශේෂ ආරාධනය පරිදි පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් අතර හමුවක් ඊයේ (17)දා පස්වරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහි දී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය. උසස් අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තියවේදීන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන්ගේ ගැටලූ මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි. උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගැටලූ, වීසා ලබාගැනීමේ දී මතුවන ගැටලූ ආදි කරුණු මෙහි දී ඉදිරිපත් කෙරුණු අතර, එම සියලූ ගැටලූ පිලිපීනයේ ශ‍්‍රී ලංකා තානාපතිනිය වෙත යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා පිලිපීන රජය සමග සාකච්ජා  කර එම ගැටලූ විසදා ගැනීමට ගතහැකි සෑම පියවරක් ම ගන්නා බව සදහන් කළේය. ආර්ථික සංවර්ධනය සහ භෞතික සම්පත් සංවර්ධනය තුළ පිලිපීන රජය ලබා ඇති ප‍්‍රගතිය මෙහි දී ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පිලිපීන ජනාධිපතිවරයාගේ සහ රජයේ කැපවීම ද අගය කළේය. එමෙන්ම අද ශ‍්‍රී ලංකාවට ද ප‍්‍රබල අභියෝගයක් ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් තම මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක පුළුල් වැඩසටහන පිළිබදව ද ජනාධිපතිතුමා පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් දැනුවත් කළේය. එහි දී ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ එම වැඩපිළිවෙළ වඩා ශක්තිමත් කිරීමට මෙම ජනවාරි මැද සතියේ සිට තවත් සුවිශේෂි වැඩසටහනක් කි‍්‍රයාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම තම පිලිපීන රාජ්‍ය සංචාරයේ දී දෙරට අතර ඇතිකරගත් ද්වීපාර්ශ්වික එකගතා පිළිබදව ද ශ‍්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිතුමා, එම එකගතා සාර්ථක ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට ඉහළම කැපවීමකින් කටයුතු කරන බව ද සදහන් කළේය.
 

More News..