brand logo

පිලපිටියට එරෙහි වරෙන්තුව

13 February 2020

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැක්කේ දිවුරුමක් මත විමර්ශන නිලධාරියකුගෙන් සාක්ෂියක් ලබාගැනීමෙන් පමණක් බව නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. විමර්ශන නිලධාරියකු ඊයේ (12 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් නොවීම නිසා අද (13වැනිදා) දිනයේ එවැනි නිලධාරියකු ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඊයේ (12 වැනිදා) පස්වරුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර විසින් හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේය. වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරුවරයා සහ සැකකාර මන්ත්‍රීවරයා අතර සිදුවූ දුරකථන සංවාදයේ අන්තර්ගතය එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම හඬ පටය හරහා විනිසුරුවරයා විසින් අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඇති බව පැහැදිලි වන්නේ යැයි ප්‍රකාශ කළේය.   චාමර පල්ලේගෙදර
 

More News..