brand logo

පිරිමි ළමයි එක්කම හැදුණු නිසා දාංගලේ වැඩියි

13 June 2022

නිම්මි මනෝහාරිට අපේ රටේ තාරුණ්‍යය අතරින් ලැබෙන්නේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්. මේ දිනවල අතිශය ජනප්‍රිය වී ඇති ‘රෝස කුඩයක’ ගීතය බැලුවොත් ඒ ගීතයේ රූප රචනාවෙත් නිම්මිව දැකබලා ගන්න පුළුවන්. ඉතින් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජනප්‍රියම නිළියක් වෙන්නට තරම් වාසනාව ලැබුණු නිම්මි මනෝහාරි එක්කයි පිනිපලස මේ කතාබහ. ඉතින් නිම්මි මේ දවස්වල ජීවිතේ ගතවෙන්නේ කොහොමද? පහුගිය කාලේ නම් කොවිඩ් නිසා පරිස්සමින් තමයි හැමදේම කළේ. ඒත් දැන් නම් දිගටම රූගත කිරීම් තියෙනවා. ඒ දේවල් එක්ක මං ටිකක් කාර්යබහුල වෙලයි ඉන්නේ. මේ දවස්වල ජීවිතේ එහෙමයි. පාසල් යන කාලේ නිම්මි කියන්නේ ටිකක් සැර සෑහෙන්න දඟ තරුණියක් කියලා ආරංචියි. මං හරිද? මගේ ගම පේරාදෙණිය. මං පාසල් ගියේ මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලයට. ඇත්තටම පාසල් යන කාලේ මං දඟ චරිතයක්.ඔයා කියපු විදිහටම ටිකක් සැරයි සෑහෙන්න දඟයි. ඒකට හේතුව මං පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ වැඩෙන්නේ මගේ හොඳම යාළුවෝ වෙන පිරිමි ළමයි එක්ක. ඒ නිසා වෙන්න ඇති මමත් කොල්ලෙක් වගේ දඟ වැඩ කළා. ඒ නිසාමද කොහෙද මට සුන්දර පාසල් කාලයකුත් තිබුණා. මේ දවස්වල නිම්මි රෝස කුඩයක් නිසා සෑහෙන ජනප්‍රිය වෙලා නේද? ඇත්තටම මේ දිනවල අතිශය ජනප්‍රිය ‘රෝස කුඩයක’ ගීතයේ රූප රචනාවට පෙනී ඉන්න ලැබුණා. ඒ ගීතය ගායනා කරන්නේ යසිත් කෙළඹිආරච්චි. පද රචනය සජිත් වී. චතුරංග. සංගීතය සහ තනුව අශාන් ප්‍රනාන්දුගේ. ගීතයේ රූප රචනය සිදුවෙන්නේ චාරුක දුෂ්මන්ත අතින්. පාසල් ආදර කතාවක් තේමා කරගෙන තමයි ‘රෝස කුඩයක’ ගීතය හැදිලා තියෙන්නේ. ඒ ගීතයටත් දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිම්මිට ‘නාඩගම්කාරයෝ’ හරහා මේ තරම් රසික ආදරයක් ලැබෙයි කියලා නිකමට හරි හිතුවද? ඇත්තටම මං මුලදි නම් හීනෙකින්වත් හිතුවේ නෑ පොඩ්ඩිට මේ තරම් ලොකු ආදරයක් ලැබෙයි කියලා. ඒත් ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය මිනිස්සු අතර ජනප්‍රිය වූ නිසා පොඩ්ඩිටත් ඒ හරහා ලොකු ආදරයක් ලැබුණා. එහි සියලු ගෞරවයන් මේ නාට්‍ය එක්ක ඉන්න හැමෝටම ලැබිය යුතුයි. සමහර අයට ජනප්‍රිය වෙනකොට ආඩම්බරකම ඔළුවට ගහනවා. නිම්මිත් දවසක ඒ ගොඩට වැටෙයිද? මං ජනප්‍රිය බව හෝ ප්‍රසිද්ධ බව ඔළුවට අරන් ඉන්න සහ හිතට අරන් ආඩම්බරෙන් ඉන්න ගෑනු ළමයෙක් නෙවෙයි. මං සාමාන්‍ය ගෑනු ළමයෙක්. මාව දන්න අය කවදාවත් එහෙම කියලා නෑ. අනික මං ආඩම්බර කෙල්ලෙක් නෙවෙයි. නිළියෝ කියන්නේ රූපය ගැන සෑහෙන්න හිතන පිරිසක්. ඔබ රූපය ගැන කොච්චර සැලකිලිමත්ද? මං ඉස්සර ඉඳන්ම රූපය පිටිපස්සේ පන්නපු තරුණියක් නෙවෙයි. ඒ කියන්නේ මං රූපය ගැන ගොඩාක් හිතන කෙනෙක් නෙවෙයි. ඒත් මටත් වඩා මගේ රූපය ගැන අපේ අම්මා නම් හිතනවා. ලංකාවේ ගොඩක් නළු නිළියන්ගේ පවුල් ජීවිත අසාර්ථකයි. ඔබත් නිළියක් නිසා අනාගත විවාහයක් ගැන බයක් දැනෙන්නේ නැද්ද? ඒක ඉතින් සාපෙක්ෂ කාරණාවක්. කවුරුත් කැමති නෑ පවුල් ජීවිතයක් අසාර්ථක කරගන්න. හිතලා එහෙම කරගන්නෙත් නෑ. ඒක යම් යම් අවස්ථාවන්ට අනුකූලව යම් යම් සිද්ධීන්ට සාපේක්ෂව සිදුවන දෙයක්. මට නම් ඇත්තටම එහෙම බයක් නෑ. මොකද මං ඒ කාරණාව ගැන තාම හිතලා නෑ. අපිට ආරංචියක් ආවා නිම්මිට කටට රහට උයන්න පුළුවන් කියලා. ඒක ඇත්තක්ද? උයන්න නම් පුළුවන්. ඒත් රසයිද කියලා නම් දන්නේ නෑ. ඒත් දෙයියනේ කියලා ගෙදර අය නම් ඒ කෑම කනවා. රටේ කාන්තාවන් වෙනුවෙන් යමක් කරන්න නිම්මිට වරමක් ලැබුණොත් ඔබ ඒ වරමින් කරන්නේ මොකක්ද? මං ආසයි අපේ රටේ හැම කාන්තාවකටම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ආදායම් මාර්ගයක් හදලා දෙන්න. එතකොට රටේ ගොඩාක් ප්‍රශ්න නැතිවෙයි. අවසාන වශයෙන් කියන්න නිම්මිටත් අනාගත බලාපොරොත්තු එහෙම තියෙනවද.? ලොකුවට කියන්න තරම් ලොකු බලාපොරොත්තු නම් නෑ. දැනට මං හෙට දවස සතුටින් ගතකරන්න අද දවස කැපවීමෙන් වැඩ කරනවා. රුවන් එස්. සෙනවිරත්න https://youtu.be/ELtfq-aNqwM
 

More News..