brand logo

පිරිමි දරුවෙකු අපයෝජනය කල අයෙකුට වසර 10ක සිරදඬුවම්

17 September 2020

කොළඹ ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කර තිබේ. වයස අවුරුදු 10ක පිරිමි දරුවෙක් 2013 වසරේදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයකින් පසු කොළඹ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශනය වලින් අනතුරුව නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත නඩුවක් ඉදිරිපත් කිරීමෙන් පසුව, මහාධිකරණය විසින් නඩුව විභාග කොට 2020 වසරේ අගෝස්තු මාසයේ දී සැකකරු වරදකරු කොට තිබේ. එසේ වරදකරු බවට ඔප්පු වූ චූදිතට අධිකරණය විසින් වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කළ අතර ඊට අමතරව රු. 10,000/=ක දඩ මුදලක් ද නියම කර ඇත. එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 8ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර පිරිමි දරුවාට රු. 50,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර තිබේ. තවද, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසර 1ක සිර දඬුවම් ලබා දීමට ද නියම කර ඇත.
 

More News..