brand logo
logo

පිරවුම්හල් සීයට 75කම හොරට තෙල් ගහන්නේ

18 June 2022

ඉන්ධන නිකුත් කිරීම ගැන හෙළිදරව්වක්

ඉන්ධන හිඟය හේතුවෙන් දින ගණනාවක් පෝලිම්වල සිටින ජනතාවට තමන් ගෙවන මුදලට නියමිත ලීටර් ප්‍රමාණය නොලැබෙන බවත් සෑම ලීටරයකින්ම මිලිලීටර් විස්සකට වැඩි ප්‍රමාණයක් නොලැබෙන බවටත් හෙළි වී තිබේ. ඒ අනුව ලීටරයක්-ලීටර පහක ප්‍රමාණයක් ලබා ගන්නා පාරිභෝගිකයකුට මිලිලීටර් සියයක් එකසිය පනහක ප්‍රමාණයක් අඩුවෙන් ලැබෙන පරිදි පොම්පයේ විද්‍යුත් පරිපතයේ ඇණවුම් කරන ප්‍රමාණය සටහන් වුවත් පොම්පයෙන් පිටතට ඉන්ධන නිකුත් වන්නේ අඩුවෙන් සකසා ඇති පරිදි බව සංස්ථාවේ ඉහළ නිලධාරියකු පැවැසීය. මෙම තත්ත්වය පසුගිය කොරෝනා සමයේ සිට ක්‍රියාත්මක වුවද ඒ සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාර යටතේ ප්‍රාදේශීය පරිපාලන තනතුරක් ස්ථාපිත කර තිබේ. ඊට අමතරව කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා එහි හදිසි වැටලීම් අංශයන්ද පිහිටා ඇත. කෙසේ වෙතත් කොවිඩ් කාලයේ රෝගය බෝවීමේ බිය නිසා ද මේ වන විට ඉන්ධන හිඟය නිසා පිරවුම්හල්වල ඇති තදබදය නිසා ඉන් නිලධාරීන්ට විරෝධයක් එල්ලවේයැයි යන බිය නිසා පිරවුම්හල් පරීක්ෂා කිරීමක් සිදු නොවේ. තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් එක්දහස් දෙසීයට ආසන්න (1200) ප්‍රමාණයෙන් සියට හැත්තෑපහකම මෙම අකටයුත්ත සිදුවන බව සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ප්‍රාදේශීය පරිපාලකයෝ රාජකාරිය වී ඇත්තේ පිරවුම්හල්වලට ඉන්ධන ලැබුණේද යන්න සොයා බැලීම බව වාර්තාවේ. චමින්ද සේනාරත්න
 

More News..