brand logo

පියුමියි චනිදිමාලුයි චමුදිතට ගුලියක් අඹරයි

09 June 2021

පෞද්ගලික නාලිකාවේ සංවාදාත්මක වැඩ සටහනෙන් අධිකරණයට අපහාස වෙලාලු

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ යන දෙදෙනාගේ නීතිඥයා විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය ජුනි 04 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් ඔස්සේ මන්ජු ශ්‍රි චන්ද්‍රසේන නම් නීතිඥවරයා නීතිපතිවරයාට පෙන්වා දී ඇත්තේ පසුගියදාක පෞද්ගලික රුපවාහිනී නාළිකාවක් ඔස්සේ විකාශය කෙරුණු සංවාදාත්මක වැඩසටහනකදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමට චේතනාන්විතව කටයුතු කර ඇති බවයි. [caption id="attachment_150092" align="alignnone" width="569"] චමුදිත සමරවික්‍රම[/caption]   එම ලිපියේ මෙසේද සඳහන්වේ,

"..එහිදී ගරු අධිකරණය වැරදි තීන්දුවක් ලබාදී ඇති බව සමාජගත වන අයුරින් චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියා ප්‍රශ්න ඇසූ බවත්, එක අවස්ථාවක ඔහු අධිකරණය වැරදිද යන ආදී වශයෙනුත්, තවත් අවස්ථාවක ඔහුට අධිකරණය ගැන ප්‍රශ්න ඇති බවටත් ප්‍රකාශ කළ බවත්, චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාගේ හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් වී ඇති බවත් මාගේ සේවාදායකයා ප්‍රකාශ කර සිටී."

[caption id="attachment_150093" align="alignnone" width="652"] පියුමි හන්සමාලි හා චන්දිමාල් ජයසිංහ[/caption] මෙම කරුණු සලකා බලා වරදක් සිදුකර ඇත්නම් චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ නීතිඥවරයා නීතිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.   නයන තරංග ගමගේ උදයජීව ඒකනායක
 

More News..