brand logo

පියාගේ මානව හිමිකම් බලයෙන් පුතා ගංජා විකුණලා

28 September 2020

පියාගේ මානව හිමිකම් බලය භාවිත කරමින් බඳගිරිය ධීවර ගම්මානයට ගංජා අලෙවි කිරීමේ නිරත වූ බව කියන 27 හැවිරිදි පුතෙකු හම්බන්තොට පොලිසියේ දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ.නාලක සංජීව ජයසූරිය නියෝග කර තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට බඳගිරිය, ධීවර ගම්මානයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. සැකකරුගේ පියා මානව හිමිකම් පිළිබද ආයතනයක සේවය කරන්නෙක් බවත් මෙම තරුණයා එම බලය භාවිත කරමින් බඳගිරියේ ධීවර ගම්මානයට හා අවට ගම්මානවලට ගංජා අලෙවි කිරීමේ ජාවාරමේ නිරතවී ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරු දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් යතුරු පැදියකින් ගොස් මෙම ජාවාරම සිදුකර තිබේ. බඳගිරිය ධීවර ගම්මානයේදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සතුව තිබූ වියළි ගංජා මිලි ග්‍රෑම් 31400ක්, දුරකථනයක්, රුපියල් 9500ක් හා ජාවාරම සඳහා යොදාගත් යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ. නුවන් ජයසේකර - මීගහජදුර
 

More News..