brand logo

පියල් නිශාන්ත කසාද බැන්ද වයස හෙළිවෙයි

26 January 2020

ආණ්ඩු පක්ෂයේ බොහෝ අය ඉතා සතුටින් සහභාගි වූ ‘මංගල්‍ය අවස්ථාවක්’ ද ඉකුත් සතියට යෙදී තිබුණි. එම මංගල්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්තගේ පුතාගේ විවාහ මංගල්‍යෝත්සවය විය. ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ වාද්දුවේ පැවැත්වුණු එම විවාහ මංගල්‍යෝත්සවයට ජනපති, අගමැති ඇතුළු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ. උදෑසන 10.30ට පමණ යෙදුණු සුභ නැකතින් මනාල යුවළ විවාහය සඳහා අත්සන් තබද්දී, මනාලයාගේ සාක්ෂිකරු ලෙස අත්සන් කළේ ජනපති ගෝඨාබය රාජපක්ෂ ය. එහිදී මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂියට අත්සන් තැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ ය. කෙසේවෙතත් මෙම විවාහ මංගල්‍ය උත්සවය පැවතෙමින් තිබියදී තවත් විශේෂ සිදුවීමක් ද සිදු විය. එනම් එදිනටම පියල් සහ ඔහුගේ බිරිඳගේ 23 වන විවාහ සංවත්සරය ද එදිනටම යෙදී තිබුණු බැවිනි. එමෙන්ම ඒ වෙනුවෙන් ‘සංවත්සර කේක් කැපීමක්’ ද සිදුවිය. මෙහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලන්සා, ජානක වක්කුඹුර වැනි මැති ඇමතිවරුන්ට අවශ්‍ය වූයේ, පියල් විවාහ වූ වයස ගැන දැන ගැනීමට ය. කෙසේවෙතත් මේ ප්‍රශ්නයට ‘නිවැරදිම පිළිතුර ‘ තිබුණේ අගමැති මහින්දගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ළඟ ය. ‘‘මං ඇත්තම කියන්නං... පියල් මන්ත්‍රීතුමා කසාද බැඳලා තියෙන්නේ අවුරුදු 18 දී...’’ හෙට්ටිගේ කීවේ ය.
 

More News..