brand logo

පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

02 October 2020

වාර්ෂිකව මෙරටින් වාර්තාවන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. ලෝකයේ කාන්තාවන් අතර බහුලම පිළිකාව පියයුරු පිළිකාව වන අතර ශ්‍රී ලංකාවේ බහුලම පිළිකාව වනුයේ පියයුරු පිළිකාවයි. ශ්‍රී ලංකාවේ වසරකට 3000-3500ක පමණ කාන්තාවන් පිරිසක් අලුතින් පියයුරු පිළිකා රෝගීන් ලෙස හඳුනා ගෙන ඇත. දිනකට අලුතින් කාන්තාව 9-10 අතර ප්‍රමාණයක් පිළිකා රෝගීන් ගොන්නට එක් වෙති. පියයුරු පිළිකා වැළඳෙන කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් බව සමීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ලෝක පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය ලෙස ඔක්තොම්බර් මාසය නම් කර තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ "කලින් හඳුනා ගනිමු-ජීවිත සුරකිමු" යන්නයි.
 

More News..