brand logo

පියංකර ජයරත්න අල්ලස් නඩුවෙන් නිදහස්

03 December 2019

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය ක‍ළේය. මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණය දන්වා සිටියේ මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව හෙයින් නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියේය. 2014 වසරේ මැයි මස 21 දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් මාරවිල පිහිටි ගම්බද කේටර්ස් නමැති සමාගමට ගෙවන ලෙස ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවිම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඒ මහතාට එරෙහිව ගොනු කර තිබුණි.
 

More News..