brand logo

පින්තූර ගැනීමට පාසල් සිසුවිය පැහැගත් ටියුෂන් ගුරා අත්අඩංගුවට

27 June 2021

මුහුණු පොත සදහා අවශ්‍ය රූගත කිරිමක් බව පවසා 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යනු ලැබු උපකාරක පංති ගුරුවරයකු හා ඒ සදහා අනුබල දුන් රුපලාවණ්‍ය ශිල්පිනියක් ඇතුළු දෙදෙනෙකු යක්කලමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විසි හතර හැවිරිදි වියේ පසුවන මෙම උපකාරක පංති ගුරුවරයා 16 හැවිරිදිවියේ පසුවන පාසැල් දැරියගේ නිවසට ගොස් ටියුෂන් ලබාදි ඇත. පසුව මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්දතාවයක් ඇති වී තිබේ. උපකාරක පංති ගුරුවරයාගේ වයස වැඩි නිසා දැරියගේ දෙමව්පියන් මේ සදහා අකමැත්ත පළකර ඇත. අනතුරුව මෙම උපකාරක පංතිගුරුවරයා මෙම සිසුවිය පැහැරගැනිම සදහා දැනට සති දෙක තුනක සිට සැලසුම් කොට ඇති බව පැවසෙයි. සැකකරු විසින් යක්කලමුල්ලේ රුපලාවන්‍ය ශිල්පිනියකට දුරකථන ඇමතුමක් ලබාදි මෙම දැරිය හා තවත් දැරියන් දෙදෙනෙකු මුහුණ පොත සඳහා රුගත කිරිමකට රැ‍ගෙන එන ලෙස දැනුම් දි ඇත. දරුවන් රැගෙන එම සදහා කාර් රථයක් එවන බවද සැකකරු පවසා ඇත. කොට්ටව කැළයේ රුගත කිරිම් සිදුකරණ බවට මුලදි පවසා ඇති සැකකරු පසුව පවසා ඇත්තේ සිතලදොළ ආරණ්‍ය අසල සිදුකරණ බවය. ඒ අනුව දැරියන් තිදෙනා මෙම ස්ථානයට කාර් රථයෙන් රැගෙනවිත් ඇති අතර රුපලාවන්‍ය ශිල්පිනිය කාර් රථය පිටුපසින් යතුරුපැදියෙන් පැමිණ ඇත. එම ස්ථානයට උපකාරක පංති ගුරුවරයා ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති අතර ඔහුගේ සහායට යතුරුපැදිකරුවෙකුද පැමිණ ඇත. පසුව උපකාර පංති ගුරුවරයා කාර් රථයේ සිටි දැරිය බලහත්කාරයෙන් එළියට ගෙන ත්‍රිරෝද රථයට නංවාගෙන පලාගොස් ඇත. උපකාරක පංති ගුරුවරයා දැරිය පැහැගෙන යන අතරේ අකුලහේන ප්‍රදේශයේ දි යතුරුපැදිකරුවකු මෙය දැක ඇත. දැරිය එම අවස්ථාවේ කෑගසමින් පැමිණ ඇත. යතුරුපැදිකරු යතුරුපැදිය හරවාගෙන පැමිණ ඇති අතර උපකාරක පංති ගුරුවරයා ත්‍රිරෝද රථයෙන් පැනගොස් ඇත. යතුරුපැදිකරු ඔහු පසුපස හඹාගොස් අල්ලාගෙන ඇති අතර ඔහුට පහරදි තිබෙන බව පැවසේ. මේ වන විට උපකාරක පංති ගුරුවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබන අතර මෙම සිද්ධියට ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියදුරු හා යතුරුපැදිකරු පසුගිය 25 වන දා පස්වරුවේදි අත්අඩංගුවට ගෙන විමරශන ආරම්භ කර ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි. අක්මීමන එච් එම් සමන්
 

More News..