brand logo

පිදුරංගල විහාරයෙන් මූනු ආවරන හා සැන්ටයිසර් බෙදයි

01 June 2021

" ආපදාවෙන් මිදෙන්න පන්සලෙන් ගමට ආධාරයක් " සංකල්පය යටතේ ක්‍රියාත්මක කරන මුව ආවරණ හා සැන්ටයිසර් දියර බෙදා දිමේ පිංකමක් සිගිරිය හා පිදුරංගල ගම්මාන ආශ්‍රිතව අද (01) දවස පුරාම සිදුවිය. මෙය පිදුරංගල රජ මහා විහාරයේ දී විහාරාධිකාරි දඹුල්ලේ සුමණරංසි හිමියන් හා දායක සභාව එක්ව හොංකොං විහාරස්ථානයේ වැඩ සිටින තල්කොටේ සුමිත්ත හිමිගේ දායකත්වය ඇතිව සංවිධානය කර තිබිණ. මේ යටතේ සිගිරිය පොලිසියේ සියලුම නිලධාරින්ට, සිගිරිය රොහලේ වෛද්‍යවරු හා සියලුම නිලධාරින්ට ,සහ සේවකයින්ට අවශ්‍ය මුහුණු ආවරණ සහ සැන්ටයිසර් දියර බෝතල් ලබාදීම සිදුවිය. එසේම ගම්මානයේ සියලු පවුල් වෙත සැන්ටයිසර් දියර බෝතල් ලබා දීමක්ද සිදුකර ඇත. මහින්ද දඹුල්ල
 

More News..