brand logo

පිදුරංගල ගල මත නිරුවත් පින්තූර ගත් 3ක් කොටු

26 September 2018

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ භූමියේ පිහිටි පිදුරංගල ගල මතට නැග අඩ නිරුවතින් ඡායාරූප ලබාගෙන මුහුණුපොත හරහා ප්‍රචාරය කිරීමේ සිද්ධියට සැක පිට තරුණයන්  තිදෙනකු අද (26 වැනිදා ) සීගිරිය  පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මොවුන්ට අමතරව තවත් තරුණයන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇති බවත් සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ආර් .කේ .සී .ටී .රත්නායක පැවසීය. මෙම පිරිස අත්අඩංගුවට ගැනීමත් සමග බොහෝ දෙනෙකු සීගිරිය පොලිසිය ඉදිරිපිටට රැස්වෙමින් සිටින අතර සැකකරුවන් ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති බවද පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් .කේ.සි .ටි . රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.    
 

More News..