brand logo

පිටසක්වල ජීවීන් බොරුවක් නොවේ

11 December 2020

පිටසක්වළින් පැමිණෙන පිටසක්වළයන් සැබෑවක් බව ඊශ්‍රායල අභ්‍යවකාශ ඒජන්සියේ හිටපු ආරක්ෂක ප්‍රධානී හයිම් එෂාද් පවසයි. ඊශ්‍රායලය ජාතික පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඊශ්‍රායල අභ්‍යවකාශ ඒජන්සියේ හිටපු ආරක්ෂක ප්‍රධානීවරයා මේ බව පවසා ඇත. පිටසක්වළයන් සම්බන්ධ රහස ඇමෙරිකන් රජය ලෝකයෙන් වසං කරනුයේ ම සත්‍ය අනාවරණය වුවහොත් මනුෂ්‍ය වර්ගයා කලබලවේවි යන සිතුවිල්ලෙන් බව ඒ මහතා පැහැදිලි කරයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව, ඔහුට පෙර ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් බුෂ් ආදී ජනාධිපතිවරුන් ද පිටසක්වළ ජීවීන් සම්බන්ධ රහස් දන්නා බව ඊශ්‍රායල අභ්‍යවකාශ ඒජන්සියේ හිටපු ආරක්ෂක ප්‍රධානිය වැඩිදුරටත් පවසා ඇත.
 

More News..