brand logo

පිටරැටියන් ලංකාවෙන් ගෙනගිය බෙහෙත් වට්ටෝරු පොත් යලි ගෙන්වයි

16 November 2020

මෙරට හෙළ වෙදකම ඈත අතීතය දක්වා දිවයන්නක් සේම ලංකාවට අධිරාජ්‍යවාදින් පැමිණීමත් සමග බ්‍රිතාන්‍ය ඇතුලු විදෙස් රටවල්වලට රැගෙන ගොස් ඇති බවට පැවසේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සඳහන් කරන්නේ මෙරට හෙළ වෙදකම සහ වෙනත් උරුමයන් පිළිබදව තොරතුරු ඇතුළත් පුස්කොල පොත් ගෙන්වා ගැනීමට කටයුතු සාකච්ඡා කරමින් පවතින බවයි. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් සාමාජිය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා මේ බව සඳහන් කළාය. ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ පුස්කොල පොත් රැසක් ලන්ඩන් නුවර කෞතුකාරාගවල ඇති බවත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ හෙළ වෙදකම ඇතුලු අතීතයේ මුතුන් මිත්තන්ගේ දේශීය ඥානය පිළිබදව ලියා ඇති පුස්කොල පොත් ඉතා වටිනා සම්පතක් බවත්, මතු පරපුර සඳහා ඒවා ආරක්ෂාකර ගැනීම් වැදගත් බවත් සඳහන් කර තිබේ. එමෙන්ම එම සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ දේශිය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධය සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කර සිටියේ එම පුස්කොල පොත් පිටපත්කර මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු මේ වන විටත් සාකච්චා කරමින් ඇති බවයි. තවද එම පුස්කොල පොත්වල එක් පිටුවක් පිටපත් කිරීමට බ්‍රිතාන්‍ය පවුම් 25ක් අය කරන බවත් කෙසේ හෝ ඒවා ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළේය .
 

More News..