brand logo

පිටරට හිරවී සිට පැමිණි 7200කට 'ඩියුටි ෆ්‍රී' සහන

18 January 2021

විදේශයන්හි හිරවී සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ ලාංකිකයන් 7200කට ගුවන් තොටුපළ තීරුබදු රහිත (Duty Free) වෙළෙඳසල්වලින් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව ඊයේ (17 වැනිදා) දිනයේදීත් පුද්ගලයන් හැටදෙනකු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ එම පහසුකම ලබාගෙන ඇත. එළැඹෙන 21 වැනිදා සිට කටුනායක ගුවන් තොටු​ෙපාළ සංචාරකයන්ට විවෘත වෙන බැවින් එම කණ්ඩායම් හා නොගැටෙන අයුරින් මෙම පිරිස කටුනායකට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බව ගුවන් තොටු​ෙපාළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..