brand logo

පිටරටදී අත්අඩංගුවට ගන්නා අයට විදේශ අමාත්‍යාංශය පිටුපායි

16 February 2019

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායකයකු බව කියන මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සැලකිය යුතු මැදිහත් වීමක් සිදුකර නොමැති බව වාර්තා වේ. අත්අඩංගුවට ගෙන සිටින 34 දෙනා සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරක්වත් ලබා ගැනීමට විදේශ අමාත්‍යාංශය අපොහොසත් වී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කියාසිටියේ අබුඩාබි පිහිටි තානාපති කාර්යාලය හා ඩුබායි පිහිටි කොන්සිලර් කාර්යාලයේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡා කර ඇති බවයි. එරට අධිකරණ ක්‍රියාමාර්ගයක් සේම එරට නීති කඩ කිරීමක් නිසා ඒ පිළිබඳ අදහස් දැක්වීම නීතියට පටහැනි බවත්, එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. කෙසේ වෙතත් 1985 දී වේළුපිල්ලේ ප්‍රභාකරන් හා උමා මහේෂ්වරන් මධුරාසියේදී අත්අඩංගුවට ගත් පසු කිසිම අවස්ථාවක විදේශයකදී අත්අඩංගුවට පත්වන සැකකරුවකු ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වී නොමැති බව උසස් පොලිස් නිලධාරියෙක් ද ‘අරුණ’ට පැවසීය. එහෙත් පසුගිය සතියේදී බහරේන් ජාතිකයකු වන එරට පාපන්දු ජාතික ක්‍රීඩකයකු තායිලන්තයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පැය 24 ක් ඇතුළත බහරේන් විදේශ කටයුතු ඇමැතිවරයා එරටට ගොස් සැකකරු මුදාගෙන ඇති බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.මධුභාෂණ හේරත්
 

More News..