brand logo

පිටකොටුව පස්වන හරස් වීදියේ පදික වෙළඳසැල් ඉවත් කිරීමට තීරණය කෙරේ

22 February 2019

‌කොළඹ පිටකොටුව පස්වන හරස් වීදියේ වෙළඳාමේ නිරත පදික වෙළඳුන්ගේ වෙළඳසැල් ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණයකර තිබෙනවා. ඒ කොළඹ මහ නගර සභාවට ගෙවීමට නියමිතව තිබූ බදු මුදල් නියමිත දිනට ගෙවා නිම නොකිරීම හේතුවෙන්ය. ඊයේ රාත්‍රී 10 ට පමණ මෙම වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමට එම ස්ථානය වෙත කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ගෙන් පදික වෙළෙඳුන් ඉල්ලා සිටියේ හිඟ බදු මුදල් ගෙවා නිම කිරීම සඳහා අද උදෑසන 10 දක්වා තමන්ට කාලය ලබා දෙන ලෙසයි. ඒ අනුව හිඟ බදු මුදල් ගෙවා නිම කිරීම සඳහා ලබා දුන් කාලය අද උදෑසන 10 දක්වා දීර්ඝ කෙරුණා.
 

More News..