brand logo

පෑවිල්ල නිසා මඩුකන්දේ ගමකට ආ අමුත්තා

05 June 2019

පවතින නියඟය හේතුවෙන් ආහාර සොයා වවුනියාව මඩුකන්ද ප්‍රදේශයට පැමිණි හැළ කිඹුලෙකු ඊයේ (04) අල්ලාගත් බව වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පවසයි. වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ ආහාර සොයාගෙන පැමිණි කිඹුලා දැක අනතුරුව ප්‍රදේශවාසීන් වනජිවි නිළධාරීන් දැනුවත් කළ බවයි. අඩි අටක් පමණ දිගින් යුතු හැළ කිඹුලෙකු එලෙස අල්ලාගත් බව වනජිවි නිළධාරීන් සදහන් කළේය. වනජිවි නිළධාරීන් පැවසූවේ අල්ලාගත් කිඹුලා වවුනියාව ජලපෝෂක ප්‍රදේශයක් වෙත මුදා හැරීමට කටයුතු කළ බවයි. වවුනියාව ඇතුළු ප්‍රදේශ වෙත මේ වනවිට නියඟය ආරම්භ වි ඇති බැවින් වැවිවල ජල මට්ටම ශිඝ්‍රයෙන් පහත බැස පවති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..