brand logo

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ' අද අගමැති විවෘත කරයි

20 November 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) විවෘත කිරීමට නියමිතයි. වෙළෙඳ සංකීර්ණයයේ 'වෙළෙඳසැල් 1192 ක් සහ වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් යුක්ත වේ. එසේම බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත අතර සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන ඒ තුල ඉදිකර තිබේ. කොළඹ අධික රථවාහන තදබදයට එක් විසඳුමක් ලෙස හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණ කිහිපයක් හේතුවෙන් කොළඹ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණය මෙලෙස පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2011 වසරේ එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේය. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. එසේම පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වන නිසා ඉතා පහසුවෙන් කොළඹට එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමට සහ කොළඹින් පිට ප්‍රදේශවලට රැගෙන යාමට අවස්ථාව හිමි වේ.
 

More News..