brand logo

පෑලියගොඩ මාළු මාකට්ටුව නිසා වරායන් 22ක් හාන්සි

25 October 2020

පෑලියගොඩ මාළු තොග වෙළෙඳසල වසා දැමීම නිසා රට පුරා ඇති ධීවර වරායන් විසි දෙකකින් දිනපතා මාළු තොග රැගෙන එන ව්‍යාපාරිකයන් හා ධීවරයන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත. මාළු මිලද ශීඝ්‍ර ලෙස පහත බැස ඇති බව ධීවරයෝ සඳහන් කරති. දෛනිකව මාළු තොග ලොරි 100-200ත් අතර ප්‍රමාණයක් පෑලියගොඩ තොග වෙළෙඳසලට පැමිණෙයි එමගින් දෛනිකව මාළු ටොන් 300-500ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොළට පැමිණෙන බව එහි ව්‍යාපාරිකයකු සඳහන් කළේය. මෙම තත්ත්වය හේතුවෙන් මෙතෙක් රුපියල් 1400ට අලෙවි වූ තෝර මාළු කිලෝව රුපියල් දහසකට අඩුවෙන්ද, රුපියල් 400 අලෙවි වූ බලයා රුපියල් 300ත්, රුපියල් 500ට අලෙවි වූ ලින්නා රුපියල් 200කටත්, රුපියල් 400 කට අලෙවි වූ අලගුඩුවා රුපියල් 150කට මිල පහත බැස බැස තිබේ. අශිකා ජයවීර
 

More News..